නවතම ප්‍රවෘත්ති

තල් ඇටයක් අලි පැටවෙක් මරයි

තල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පසු අලි පැටවෙකු මියගිය පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව,කනදරාරත්මලේ ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරි චන්දන ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගලෙන්බිඳුණුවැව,කනදරාරත්මලේ ප්‍රදේශයට ගොස් සිටියදී අලි පැටවෙකු කුඩා වැවක බැස සිටින අයුරුත්, ජලය පානය කිරීමේ අපහසුතාවයෙන් සිටින අයුරුත් දැක තිබේ. මෙම අලි පැටවා ආහාර ගැනීමේ අපහසුතාවයෙන් සිටි බවද වනජීවී නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.
තල් ඇටයක් අලි පැටවෙක් මරයි
ගවයිනුත් අනතුරේ

මීට පෙරද පශු වෛද්‍ය චන්දන ජයසිංහ අලින්ගේ මෙබඳු ඉරියව් නිරීක්ෂණය කර තිබූ බැවින්, මෙම අලි පැටවා තල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පසු තල් ඇටයක් ගලනාලයේ සිරවී ඇතැයි සැක කළේය.

මෙම අලි පැටවා අවුරුදු 10ත් 12ත් අතර වයසක පසුවූ බවට වනජීවී නිලධාරීන් නිගමනය කර ඇත. ඒ අනුව අලි පැටවාට ප්‍රතිකාර සඳහා වනජීවී නිලධාරීන් මුලින්ම අලි පැටවා නිර්වින්දනය කර ඇත. අනතුරුව නළයක් මාර්ගයෙන් සිරුර තුළට ජලය සහ බෙහෙත් වර්ග යැවීමට උත්සාහ කළත්,නළය සම්පූර්ණයෙන්ම සිරුර අභ්‍යන්තරයට ගොස් නොතිබිණි. වනජීවී නිලධාරීන් අලි පැටවාට ප්‍රතිකාර කිරීමට ගත් උත්සාහයන් දිගින් දිගටම ව්‍යර්ථ වන්නට විය.

ජලය සහ ආහාර ලබා ගැනීමට නොහැකිව සිටි අලි පැටවා මියගියේය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ තල් ගෙඩිය උලා කා එය ගිල දැමූ පසු ගෙඩිය මැද තිබෙන ඇටය ගලනාළය තුළ සිරවී මෙම මරණය සිදුවූ බවය. මෙවැනි සිද්ධීන් නිසා ගවයන්ද මියයන බව වනජීවී නිලධාරීහු පවසති.

සාලිය කුමාර ගුණසේකර