News

ලක්ෂ 26කට අධික වටිනා දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ අද අළුයම මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සහ 46 හැවිරිදි ව්‍යාපාරිකයෝ දෙදෙනෙකු බවද රේගු නිලධාරීන් පවසනවා.

සැකකරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී – 9501 දරන ගුවන් යානයෙන් අද (04) අලුයම 4.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

ඔවුන් විසින් රැගෙන විත් තිබූ විශාල ගමන් මලු වල රුපියල් විසි හය ලක්ෂ හැට දෙදහසක් (266,2000) ක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි 48,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 242 ක් සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.