News

මාරවිල 40 ක් නිරෝධායනය කරයි

හලාවත, මාරවිල ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.

එම කාන්තාවගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකිරීමට නියමිතව තිබේ.