මුහුද මැද දී අසනීප වූ පිලිපීන නාවිකයාගොඩබිමට රැගෙන එද්දී මරුට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තායිවානය දක්වා ගමන් කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක සේවය කළ පිලිපීන ජාතිකයකු හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීම සඳහා ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටිය දී පෙරේදා (08දා) පස්වරුවේ මිය ගොස් ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි පිලිපීන ජාතිකයකු වන අතර ඔහු එම නෞකාවේ 2 වැනි නිලධාරියා ලෙස කටයුතු කර ඇත. එම රෝගී පුද්ගලයා පිළිබඳ නැව් නියෝජිත ආයතනය හරහා ගාල්ල වරාය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත දැනුම් දී ඇත.
අනතුරුව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් නැව් නියෝජිත ආයතන හරහා රෝගී නාවිකයාගේ අසනීප තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තාවක් ලබා ගෙන තිබේ. එහි දී ඔහුගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ අගයක් තිබූ අතර සිහිමඳ තත්ත්වයේ සිටි බවද සනාථ කරගෙන ඇත. ඒ සමගම උගුර ආශ්රිත යම් ආසාදන තත්ත්වයක් තිබී ඇත.
ඒ අනුව පෙරේදා (08දා) පස්වරුවේ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු ටග් යාත්‍රාවක් ඔහු රැගෙන ඒමට පිටත්ව ගොස් ඇති අතර ගාල්ල වරාය පරිශ්‍රයේ ගිලන් රථයක් ද නාවික නිලධාරියා රෝහල්ගත කිරීම සඳහා සූදානම් කර තිබී ඇත. ඒ අනුව රෝගියා නෞකාවෙන් ටග් යාත්‍රාවට ගෙන මූලික ප්‍රතිකාර ලබා දී ගොඩබිමට රැගෙන එමින් සිටිය දී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මේ වන විට මිය ගිය පිලිපීන ජාතික නාවිකයාගේ දේහය කොවිඩ් 19 නීති රීති අනුව පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කර ඇත.
රෝගී පුද්ගලයා රැගෙන ආ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයා සහ ටග් යාත්‍රා කාර්ය මණ්ඩලය ද සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර ඇති මුත් ඔවුන්වද පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කර ඇත.
ප්‍රතිකාර සඳහා ගිය වෛද්‍යවරයා ඇතුළු ටග් යාත්‍රා කාර්ය මණ්ඩලය නිරෝධායනයට
මහේෂ් ද සිල්වා – බද්දේගම
•එච්.එම්. සමන් – අක්මීමන
