මහ මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය
මහ මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අරණායක ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට සහභාගි වෙමින්ය.
පවතින ව්‍යවස්ථාව තුළින් ප්රජාතන්ත්රවාදී අයිතීන් අහෝසි වී ඇති අතර, මෙම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුව ඇති බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන නව වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බව ඇතැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
