හෙලිකොප්ටර් 4ක් ගුවන් හමුදාවට මිලදී ගන්න කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පාවිච්චි කළ හෙලිකොප්ටර් යානා හතරක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ (09 වැනිදා) ප්‍රකාශ කළේය.
මේ සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීමක් සිදු කිරීමටද තීරණ කළ බවද හෙතෙම කීවේය.
ශ්‍රී ලංකාව දැනට ගුවන් නැවියන් පුහුණු කිරීම සඳහා යොදා ගන්නා හෙලිකොප්ටර් යානා දෙකක් 1981 නිපදවූ පැරණි ඒවා බවද කී හෙතෙම සුඩානය සහ මධ්‍යම අප්‍රිකාවේ සාම සාධක රාජකාරියට යන මෙරට ගුවන් නැවියන් පුහුණු කිරීමේ සේවා අවශ්‍යතා මත පාවිච්චි කළ හෙලිකොප්ටර් හතරක් මිලට ගැනීමට තීරණය කළ බවද පැවසුවේය.
