News

Update – අන්තරේ පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනට කොටුව ලෝටස් වට රවුමේදී කදුළු ගෑස් , ජල සහ බැටන් ප්‍රහාර එල්ල කර තිබේ.

_________________________________________________________________________________

ටවුන් හෝල් සහ නෙලුම් පොකුණ අවට දැඩි රථ වහාන තදබදයක්

අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නෙලුම් පොකුණ සහ ටවුන් හෝල් අවට දැඩි රථ වහාන තදබදයක් මේ වන විට පවතී.

විශ්ව විද්‍යාල සිසුන් මෙම පාගමන අරඹා ඇති අතර සිසුන් 2500 කට අධික පිරිසක් මෙම පාගමනට එක්ව සිටි. ඔවුන් නෙළුම් පොකුණ, කොළඹ නගර ශාලාව, මරදාන හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිමට නියමිතය.