හමුදාවේ ලොක්කෝ 41ක් ස්වයං නිරෝධායනයට
පනාගොඩ යුද හමුදා කඳවුරේ පැවැති උසස්වීම් පරීක්ෂණ සඳහා පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට එක්වූ මේජර් ජෙනරාල්වරයකු හා කර්නල්වරු හතළිස්දෙනකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
කන්දකාඩුහි මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනා විධායක වූ කර්නල්වරයකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණය වීම නිසා මෙම තීරණය ගෙන ඇත.
මෙම කර්නල්වරයා පනාගොඩ කඳවුරේ පැවැති ශාරීරික යෝග්‍යතා අභ්‍යාසයට එක්වූ නිලධාරියෙකි. කර්නල් තනතුරේ සේවය ස්ථිර කිරීම සඳහා මෙම අභ්‍යාසය පනාගොඩ කඳවුරේදී ඉකුත් 06දා පවත්වා ඇත.
යුද හමුදා පුහුණු අධ්යක්ෂ ජනරාල්වරයා යටතේ මෙය පවත්වා ඇති අතර කර්නල්වරයකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමග එම සියලුදෙනා නිවෙස්වල හා කඳවුරුවලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. නිවෙස්වලට ගිය නිලධාරීන්ගේ නිවෙස්වලට පැමිණි අසල්වාසින් හා පවුලේ අයවද ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
