News

ආණ්ඩුවේ සංදර්ශන විතරයි -ගයන්ත

ආණ්ඩුව තම නොහැකියාවන් සඟවාගැනීමට මාධ්‍ය සංදර්ශන පවත්වමින්   ජනතා අවදානය වෙනස් කරන බව සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු අපේක්ශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

තමන්ගේ අණ ආයතන ප්‍රධානීන් නොපිළිගන්නා බව ජනතාව ඉදිරියේ පවසන ආණ්ඩුවක් රට
සංවර්ධනය කරන්නේ කෙසේදැයි ද ඔහු ප්‍රශ්න කරයි.

පසුගියදා (06) හිනිදුම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ගයන්ත  කරුණාතිලක මහතා මෙසේ පවසීය.

කොරෝනා වසංගතය නිසා ආර්ථිකය  අඩපණ වුණු රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් අඩක් රටේ ආර්ථිකය වෙනුවෙන් ඉල්ලා සිටින පෞද්ගලික අංශයේ රැකියා දහස් ගණන් ජනතාවට අහිමි වුණු මොහොතක ආණ්ඩුව ජනතාවට පොරොන්දු දෙනවා ක්‍රිකට් ක්‍රීඩාංගණ  හදන්නම්කි යලා.

ක්‍රිකට් ක්‍රීඩකයන් ඒකට විරුද්ධ වුණාම තරඟ පාවා දුන් බව  කියමින් ඔවුන්ට මඩ ගහනවා.

ආණ්ඩුව හැමදාම තමන්ට විරුද්ධ වෙන අයට පමණයි එසේ මඩ ගැසීම් කළේ.රටක් ලෝකයක් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කීර්තිනාමයට හානි කරමින් ජනතාව නොමඟ යවන ප්‍රකාශ
සිදු කරන කරුකරුණාඅම්මාන් වැනි අයව ආරක්ෂා කරනවා.මේ දෙස බලාගෙන  නැවත මේ ආණ්ඩුවට ඡනදය ලබා දෙනවාද යන්න හැට නව ලක්ෂයක් වූ ජනතාව කල්පනා කළ යුතුයි.

රනිල් ප්‍රියංක – නෙළුව