ඡන්දෙ දාන්න නිවාඩු නොදුන්නොත් වැඩ වරදියි
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ජාතික මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරිමට නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට සේවා නියුක්තිකයෙකු විසින් කරන ලද ඉල්ලීමකට නිවාඩු නොදීම අධිකරණයේ නඩු පැවරිය හැකි වරදක් බවයි.
එළඹෙන මහ මැතිවරණයේදී යම් ආයතනයක් මගින් සේවකයින්ට නිවාඩු ලබා නොදී සිටිනම් ඒ පිළිබද දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දැනුවත් කරන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.
