News

ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා අනතුරුව මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමිපාණන් වහන්සේලා බැහැ දුටු ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිතර විය.

ජනාධිපතිවරයා අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි සහ ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමිවරු ද එම අවස්ථාවට එක් වූහ.