කතරගම වන්දනාවේ පැමිණි අයෙකුට කොරෝනා
පසුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනා ගෙන ඇත.
මෙලෙස කතරගම වන්දනාවේ පැමිණී ඇත්තේ රත්මලේ පාර, දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙකි.
ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය, එහි හිමිකරු, බිරිඳ සහ සේවකයින් ඇතුළු 09 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.
ඔහු පසු ගිය 07 වන දා 20 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමග කතරගම වන්දනාවේ පැමිණ, අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන් ගෙන, කිරිවෙහෙර හා දේවාලයට ගොස් ආපසු 08 වන දින පිටත්ව ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වෙත දැනුම් දී තිබේ.
එසේ ම, ඔහු සෙල්ලකතරගම හා අවට ස්ථාන කිහිපයකට ම ගොස් ඇති අතර පුද්ගලයන් රැසක් ද ඇසුරු කර ඇති අතර මෙම කෝප්‍රල්වරයා කතරගම පැමිණි මොහොතේ සිට ඇසුරු කළ පුද්ගලයන් සොයා කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.
කතරගම ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් හමු විය හැකි බැවින්, සෑම පුද්ගලයෙකු ම අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයන ලෙසත්, පුද්ගලයන් ඇසුරු කිරීම ඉතා ප්රවේශමින් සිදුකරන ලෙසත්, මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය නීති උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කතරගමට දැඩි සීමා පනවයිමෙවර රුහුණු මහා කතරගම දේවාල පෙරහැර සඳහා සහභාගී වන ශිල්පීන් ආශ්‍රිතව අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද වාර්ථා වෙයි.
