News

විභාග කල් යයි

රටේ පවතින තත්ත්වය මත අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග කිහිපයක්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සඳහා වන පළමුවන දෙපාර්තමේන්තු පරීක්ෂණය, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 වැනි පන්තියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩ ඉම් විභාගය සහ ශ්‍රී ලංකා භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ, ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම හා ප්‍රාචීන පණ්ඩිත අවසාන යන විභාගද කල් දමා ඇත.

මීට අමතරව සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමයට පමණක් ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මාර්ගගත ක්‍රමයට හෝ විද්‍යුත් තැපෑල මගින් සහතිකපත් අයැදුම්කර පැය හතළිස් අටක් ඇතුළත නිවසටම ඒවා ගෙන්වා ගැනීමට පහසුකම් සලසා ඇතැයි දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ එක්දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයිද පැවසේ.

වැඩිදුර තොරතුරු 1911 ක්ෂණික ඇමතුම් අංශයෙන් හෝ www.doenest.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.