News

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රි 8 සිට ජල සැපයුම් අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට (18) රාත්‍රී 8.00 සිට ඉරිදා උදෑසන 6.00 දක්වා කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.

එමෙන්ම කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය පැවසීය.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට තීරණය කළ බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.