News

සෑම ශ්‍රී ලාංකිකයෙකුම රු. ලක්ෂ හයහමාරක් ණයයි

මෙරට අද උපදින දරුවාගේ සිට ලෙඩ ඇදේ සිටින මහල්ලා දක්වා සෑම ශ්‍රී ලාංකිකයෙකුම රුපියල් ලක්ෂ හයහමාරක ණයකාරයන් බවට පත්ව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් අනුර කුමාර සදහන් කළේ ශ්‍රී ලංකාව මේ වන විට ට්‍රිලියන 14ක ණයකරුවන් බවට පත්ව ඇති බවයි.

ලබන ඔක්තෝබර් මස අවසානය වන විට ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් කෝටි සියයක ණය මුදලක් ගෙවිය යුතුව ඇති අතර, වසර අවසානයේදි ඩොලර් කෝටි 3,200ක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බව ද අනුර කුමාර මහතා පැවසීය.

එමෙන්ම ලබන වසරේ මැයි මස අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් කෝටි 6200ක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බව ද ඒ මහතා සදහන් කළේය.

වසර 72කට පසුව ශ්‍රී ලංකාව අද වන විට පත්ව ඇති තත්ත්වය ඉතාමත් කණගාටු තත්ත්වයක බවත්, විශාල ණය මුදලකට ශ්‍රී ලංකාව සිරවී ඇති බව ද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් එහිදී සදහන් කළේය.