News

නාවික හමුදාධිපති අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද(17)අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය.

මෙය වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමන් හමු වූ පළමු නිල හමුව විය.

එහිදී අග්‍රාමාත්‍යතුමන් විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.

එම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.