අඟුලාන පොලීසියට ගල්ගැසූ සැකකරුවන් 14දෙනාට ඇප
අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා අද (17) මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇත.
අඟුලාන පොලිස් ස්ථානයට විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (16) පස්වරුවේ ගල් මුල් ප්රහාර එල්ල කිරීමත් සමඟ පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්රහාර එල්ල කළේය.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු අද (17) දින අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකු ද තුවාල ලබා තිබුණි.
පොලිස් වෙඩි පහරකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා උසාවි යාමට පෙර පොලීසිය ඔවුන්ව රැගෙන යෑම පිළිබඳව විරෝධය පළ කරමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් සහ අඟුලාන ප්රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබුණි.
