මරණය ගෙන දුන් සෙල්ෆිය
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෙල්සන් පෙදෙස ,වැල්ල ප්රදේශයේ පදිංචිව සිටි එන්.එන් රත්නරාජා නැමති තිස්පස් හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පවසයි
ඔහු රිජ්වේ ආර්යා රෝහලේ සේවය කරන තම පෙම්වතිය සමඟ නෙළුව ප්රදේශයේ පිහිටි දූවිලි ඇල්ල නැරඹීම සඳහා අද (19) පැමිණ ඇති අතර එහිදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී පය ලිස්සා මෙම අනතුර සිදු වී ඇතැයි මුලික පරීක්ශණ වලදී හෙළිවී ඇති බවද පොලීසිය පවසයි.
අනතුරින් පසුව රොහල් ගත කරන විටත් ඔහු මරණයට පත් වී ඇති බව නෙළුව පොලීසිය
සඳහන් කරයි.මෘත දේහය දැනට නෙළුව ග්රාමීය රෝහලේ තැන්පත් කර ඇත.නෙළුව
පොලීසිය වැඩිදුර පරීක්ශණ පවත්වයි.
දූවිලි ඇල්ලේ ඉහළ මාලයේ ඇළිවල දිය නෑමට හෝ එම ස්ථාන වල සෙල්ෆි ඡායාරූප ගැනීමට
අනතුරුදායක බැවින් එම ස්ථානවල නොගැවසෙන ලෙස න ලෙස නෙළුව ප්රාදේශීය සභාව
විසින් අනතුරු හැඟවීමේ පුවරු මෙම ස්ථානවල ප්රදර්ශනය කර තිබුණද සංචාරකයන් ඒවා
නොසලකා හරිමින් කටයුතු කරන බැවින් මෙවැනි අනතුරු සිදුවන බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් නෙළුව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ශක
යූ.අරුලානන්දම් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ශණ සිදුකරන අතර පො.සැ37049 අජිත්
නානායක්කාර පරීක්ශණ සඳහා සහභගී වී ඇත.
