ස්වර්ණමහල් සහ ETI තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් වන්දි
ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනවල තැන්පත්කරුවන් ට රක්ෂණ වන්දි ගෙවීම ජූලි 25 වන දා සිට අරඹන බව මහ බැංකුව පවසයි.
මෙම ආයතනවල ව්‍යාපාර කටයුතු මහ බැංකුව විසින් පසුගිය දා තහනම් කල අතර මෙහි දී එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත් ව වන්දි මුදල් ලබා දෙනු ලබන බව ද මහ බැංකුව නිවේදනය කරයි.
දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45ක් මඟින් එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම් සිදු කරනු ඇත.
මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර පහත දැක්වෙන දුරකථන අංකයන්ට ඇමතීමෙන් ලබා ගත හැකිය.
මහජන බැංකුව : 0112-481594, 0112-481320, 0112-481617, 0112-481703
ශ්‍රී ලංකා මහ බැංකුව : 0112 – 398788, 0112-477261
