News

සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 16දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,064 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛය අමාත්‍යංශය සදහන් කළේය.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,730ක් වන අතර, ඉන් 655දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.