News

මාතර අලබෝලයා පොලිසියට කොටු

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සම්බන්ධකම් ඇතැයි සැක කෙරෙන මාතර අලබෝලයා නම් අනුවර්ථන නාමයෙන් හදුන්වන වරෙන්තු පිට සිටි සැකකරුවකු මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කඹුරුගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 405 ක් තිබී සොයාගෙන ඇත. මෙම සැකකරු වසර පහකට අධික කාලයක් බන්ධනාගාරගතව සිර දඬුවම් විද සිටි අතර පසුව  වැරදි රාශියකට අධිකරණය මග හැරීම නිසා වරෙන්තු නිකුත් කර තිබුණි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි 27 සැකකරුවෙකි. පසුව කළ විමර්ශනවලදී ඔහුගේ සොහොයුරෙකු වන 23 අයකු හෙරොයින් මිලිග්‍රෑම්  270 ක් සමඟ එම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පසුව  අල බෝලයා  නම් සැකකරු සමග  ඇසුරු කළ 32 පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 320 සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී  ගංජා මිලි ගෑම් 15720 ක් සමඟ 28 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
ඊයෙ අලුයම කාලයේ සිට කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරු පිළිබඳව ලද තොරතුරට අනුව සිදුකළ වැටලීමෙන් පසු ඔහු මෙම සැකකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර  පොලිස් සැරයන්  56615 සුනිල්  පොලිස් පරීක්ෂක 37066 පතිරණ  පොලිස් සැරයන්  6403 අරුණ පොලිස් කොස්තාපල් 68160 වසන්ත පොලිස් කොස්තාපල් 66649 ජනක පොලිස් කොස්තාපල් රියදුරු 80473 වසන්ත යන නිලධාරීන් වැටලීමට එක්වී සැකරුවන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මහින්ද තැළිකෝරාලගේ  වැලිගම