News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙඩවෙයි

සිය ගැටළු සදහා බලධාරීන් විසින් මෙතෙක් නිසි විසදුම් ලබානොදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිති.

පසුගියදා නිකුත් කළ නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරිමේ ගැසට් නිවේදනයට අනුව සිය වෘත්තීයට අසාධාරණයක් වූ බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 7 ක් කොරොනා මර්දන රාජකාරිවලින් හා ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත්ව තිබේ.