News

විදෙස්ගත ලාංකිකයන් පිරිසක් දිවයිනට

විදෙස්ගත ව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද (24) උදෑසන දිවයිනට පැමිණ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කටාර්හි දෝහා අගනුවර සිට පුද්ගලයින් 13 දෙනෙක් හා චෙන්නායි සිට පුද්ගලයින් 30 දෙනෙක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

මෙම පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.