පී සී ආර් කරන්න කෝවිඩ් අරමුදලෙන් මිලියන 36 ක්
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබේ.
අදාළ චෙක්පත ඊයේ (24) මහ බැංකු අධිපති, කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දී ඇත.
PCR පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා මුදල ප්රදානය කර තිබේ.
