News

මැතිවරණ පැමිණිලි 4684ක්

මහ මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4,684ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සභාව පවසයි.

එම කොමිසම සදහන් කළේ ඉන් පැමිණිලි 3738ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී අතර තවත් පැමිණිලි 946ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් මහ මැතිවරණයට අදාළව ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ දක්වා ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කළේය.