නිරෝධායන කටයුතු අවසන් කළ පිරිසක් අද නිවෙස් වෙතට
නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් තුන්සිය පනස් එක් දෙනෙකු අද (25) නිරෝධායන මධ්‍යස්ථානවල සිට නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.
කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් විසි පස් දෙනෙකු, ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු පුද්ගලයෙකු, පූනානි නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තුන්සිය පස් දෙනෙකු ද, දියගම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් විසි දෙනෙකු පිටව යාමට නියමිත බවයි.
එමෙන්ම, අද (25) දිනය වනවිට පුද්ගලයින් 25,826 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.
අද (25) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,606 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
