News

රිමාන්ඩ් කළ මීගමුවේ ජේලර් බූස්ස බන්ධනාගාරයට

වරෙන්තු ලැබ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනු මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට රැගෙන යාමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා වරෙන්තු නිකුත් කර තිබුණි.

එලෙස වරෙන්තු ලැබූ ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවී තිබුණේ ඊයේ(24) රාත්‍රියේයි.

ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මේ මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ.