විදෙස්ගත ශ්‍රමිකයින් රවටා මුදල් වංචා කළ 5දෙනෙක් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ ණය යෝජනා ක්‍රමයක් මගින් විදෙස්ගත ශ්‍රමිකයින් හට සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දෙන බව පවසා වංචාසහගතව මුදල් ලබා ගත් සැකකරුන් 05දෙනෙක් කිරුළපන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.
ණය යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දුරකතන අංක වලට දැනුම් දී එම ශ්‍රමිකයින්ගේ මෙරට පවතින බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන එහි එක් ගිණුමකින් රුපියල් ලක්ෂ 05ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.
තමාගේ බැංකු ගිණුමකින් මුදල් වංචාවක් සිදුකර ඇති බවට කාන්තාවක් විසින් කිරුළපන පොලීසියට සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් 05දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් කූඨ ලේඛණ හා ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර ඇති බවද වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත
සැකකරුවන් වයස අවුරුදු 30, 39, 38, 46 වයස් වල පසුවන පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබි ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීම සඳහා යොදාගත් ලැප්ටොප් පරිඝණකයක්, බැංකු කාඩ්පත්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා ලැමිනෙටින් යන්ත්‍රයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් 925ක්, ව්‍යාජ රබර් මුද්‍රා 02ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 61ක් සහ ජාත්‍යාන්තර රියදුරු බලපත්‍ර 05ක් පොලිස් භාරයට ගෙන ඇත.
තවද, ඉහත සැකකරු විසින්ම මෙම ජාවාරම සඳහා යොදාගත් කාර් රථයක් හා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (27) අලුත් කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
