සැකකටයුතු ලෙස හැසිරුණු දෙදෙනෙක් කොළඹදී අත්අඩංගුවට
කොළඹ තරු පහේ හෝටලයක සැකකටයුතු ලෙස හැසිරුණු සමන්තුරේ සිට පැමිණි අයකු පොලිස් අත්අඩංගුවට ගෙන පැය හැත්තෑදෙකක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කොටුව පොලිසිය පියවර ගෙන ඇත.
සමන්තුරේ, සිති විතානයි පාර පදිංචි සුහයිල් ආකීර් (23) නමැති මෙම පුද්ගලයා ගැන සැක සිතූ හෝටලයේ ආරක්ෂක අංශය පොලිස් හදිසි ඇමතුම් අංකයට දුන් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
සැකකරු සෞදි අරාබියේ අධ්‍යාපනය ලබා 2014දී ලංකාවට පැමිණ ඇති අතර අවස්ථා කිහිපයකදී විදේශගතවී ඇති බව ද හෙළිව තිබේ.
කුරුණෑගල ප්‍රදේශයේ පල්ලියක මානසික ආතතියට දින දහයක් යාඥාවලට සහභාගි වූ බව සැකකරු පවසා ඇත.
සැකකටයුතු ලෙස හැසිරීම හේතුවෙන් මෙම පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ විය. මේ අතර කොල්ලුපිටිය ආනන්ද කුමාරස්වාමි මාවතේ පල්ලියක ඉරිදා (26දා) දේව මෙහෙය පැවැත්වෙන අතරතුර ඊට අනවසරයෙන් ඇතුළුවීමට තැත් කළ පුද්ගලයකුද කොල්ලුපිටිය පොලිසියේ අත්අඩංගුවට ගෙන ඇත.
කල්මුණේ, පාලමුණේ පදිංචි ඉබ්බ්රා ලෙබ්බේ නමැති අයකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන කාලසීමාවේ බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසක දේවස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇත්තේ බුද්ධි අංශ අනතුරු හැඟවීම් මතය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
