අල්ලස් ලබා ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවට
පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගත් ග්‍රාම නිලධාරිනියක් සහ ඇයට අනුබල දුන් පුද්ගලයෙකු අල්ලස් සහ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ(27) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන ග්‍රාම නිලධාරිනියක් බව පොලීසිය පවසයි.
පදිංචි පිළිබඳ සහතිකයක් ලබා දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති අතර එම මුදල සැකකාරිය සහ සැකකරු ලබා ගැනීමේදී මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ෂන අල්ලස් සහ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණි මහත්මිය විසින් සිදු කරනු ලබයි.
සැකකාරිය සහ එම පුද්ගලයා අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
