News

රාජංගනයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද

කොවිඩ්-19 වසංගතය උත්සන්නවීම හේතුවෙන් සංචරණ සීමා ක්‍රියාත්මක වූ රාජංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (29) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබේ.

එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් 420දෙනෙකු අද සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ආර්. එම්. වන්නිනායක මහතා පැවසීය.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීම අදින් අවසන් කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ මහතා සඳහන් කළේ නිල ඡන්ද පත්‍රිකාවලින් 98% ක් පමණ මේ වන විට බෙදා හැර අවසන් බවයි.

කෙසේ වෙතත් මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් වේනම් ඔවුන්ට සිය ඡන්ද පත්‍රිකාව තමන් අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගත හැකි බව තැපැල්පතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.