News

අල්ලස් ලබා ගත් සංවර්ධන සහකාරකවරයෙක් අත්අඩංගුවට

රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සමත්කර දීම සඳහා රුපියල් 5,000ක අල්ලසක් ලබාගත් හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයේ සංවර්ධන සහකාරවරයෙක් අද(29) අත්අඩංගුවට ගෙන තිබේ.

අද දින එම කාර්යාලයේ පැවති රියදුරු බලපත්‍ර ලබාදෙන එක් දින සේවාවේ දී මෙම අල්ලස ලබාගෙන ඇති බව වාර්තා වේ.

හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අල්ලස් සහ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණි මහත්මිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ෂන කටයුතු වලින් අනතුරුව සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.