හෙරොයින් හා ගංජා ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු හා කාන්තාවක් අත්අඩංගුවට
හෙරෝයින් මත් කුඩු ළග තබා ගෙන සිටි එක් සැකකරුවෙකුව,ගංජා ළග තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකුව සහ කසිප්පු ළග තබා ගෙන සිටි කාන්තාවක්ව හලාවත පොලීසියේ පාරිසරික ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත පොලීසියේ පාරිසරික ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම් සිදු කර ඇත. හලාවත – සිංහපුර ප්‍රදේශයේදී හෙරෝයින් මත් කුඩු මිලි ග්‍රෑම් 2200 ක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි සැකකරුවෙකුව වැටලීම කළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.25 හැවිරිදි සැකකරු හලාවත – වටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු පිටස්තර ප්‍රදේශ වලින් හෙරෝයින් මත් කුඩු ගෙනවිත් සුක්ෂම ලෙස හලාවත නගරය තුළ අලවි කරන අයෙකු බවට හදුනා ගෙන ඇත.
හලාවත සිංහපුර ප්‍රදේශයේ සිදු කරන ලද තවත් වැටලීමකදී ගංජා මිලි ග්‍රෑම් 3300 ක් සමග සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇත.වයස අවුරුදු 30 ක් වන සැකකරු හලාවත – දැදුරුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඔහුද ගංජා අලවි කිරීමේ ජාවාරමේ නිරත වූ අයෙකු බවට හදුනා ගෙන ඇත.
හලාවත – මානුවන්ගම ප්‍රදේශයේදී ගංජා මිලි ග්‍රෑම් 1100 ක් බැගින් ළග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුව වැටලීම් කළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.වයස අවුරුදු 18 සහ 19 වියේ පසුවන සැකකරුවන් ගංජා පානය කිරීම සදහා ඇබ්බැහිවී සිටි අයවළුන් බවට හදුනා ගෙන ඇතැයි වැටලීම කළ නිලධාරීන් කියයි.
මේ අතර,හලාවත – වැල්ල ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී කසිප්පු බෝතල් 10 ක් (ඩ්‍රෑම්ස් 80 ක්)අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි කාන්තාවක්ව හලාවත පොලීසියේ පරිසර ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.30 හැවිරිදි එම කාන්තාව පිටස්තර ප්‍රදේශ වලින් කසිප්පු ගෙනවිත් වැල්ල ප්‍රදේශය තුළ අලවි කරන තැනැත්තියක් බවට හදුනා ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. හලාවත පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත පරිසර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පතිරන,පොලිස් සැරයන් 31634 වික්‍රමසිංහ,පොලිස් කොස්තාපල්වරුන් වන 67021 දිසානායක,91019 බමුණුසිංහ, සහ කාන්තා පොලිස් කොස්තාපල් 10029 සංජීවනී යන නිලධාරීන් සහ නිලධාරීනිය විසින් මෙම වැටලීම් සිදු කර ඇත.
ජුඩ් සමන්ත