මැතිවරණ නීති උල්ලංඝනය කළ 440දෙනෙක් අත්අඩංගුවට
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අද (03) පෙරවරුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේය.
අපේක්ෂකයන් 07දෙනෙකු ද නීතිවිරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගත් රජයේ වාහන 3ක් ඇතුළු රථවාහන 124 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 264 ක් සහ අපරාධ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 93 ක් මේ වන විට ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
