වසංගත සඳහා IDH රෝහලේ වෙනම ඒකකයක්
වසංගත තත්ත්වයකදී රෝගීන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කිරීමට හැකි සියලු පහසුකම් සහිත ඒකකයක් අංගොඩ බෝවන රෝග විද්‍යාතනය (IDH) තුළ ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබේ.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බව Covid-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය
