News

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවට

ප්‍රධාන පාතාල කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ සහයකයෙකු වන ‘කෙසෙල්වත්තේ රයිනා’ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ කැළණිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5යි, සිම්පත් 19ක්, ජංගම දුරකථන 03ක් හා යතුරු පැදියක් ද සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

27 හැවිරිදි මෙම සැකකරු අක්බාර් පටුමග, කොළඹ පදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.

සැකකරු අද (05) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.