News

දරුවකුට වධ හිංසාදී උපන් දිනය සැමරූ නරුම මව්පියන් සොයාමු

සමාජ මාධ්‍ය ජාල හරහා පසුගියදා සංසරණය වූ කුඩා දරුවකුට වධ හිංසා කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ‘අරුණ’ ට පැවැසීය. සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙම සිදුවීමට අදාළ පුද්ගලයන් සොයා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බවයි.

වීඩියෝ පටයට අනුව එම කුඩා දරුවාගේ උපන් දින සාදය දෙමාපියන් විසින් ඔහුට හිංසා වන අයුරින් සැමරූ බවත් ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 308/ඒ වගන්තියට අනුව ළමා කෲරත්වය යටතේ වසර දෙකේ සිට වසර 10 දක්වා සිර දඬුවම් ලබාදිය හැකි බවත් හෙතෙම කීවේය.

චාමර පල්ලේගෙදර