News

ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන්න – පැෆ්රල්

මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට සමස්තයක් ලෙස සාමකාමී ලෙස පැවැත්වෙමින් තිබෙන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

නුගේගොඩ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදී මාධ්‍යයට අදහස් පළකරමින් ඒ මහතා සදහන් කළේ සියලුම ඡන්දදායකයින්ට තම තමන්ගේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසටයි.

එහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ…

අපේ නීති සම්පාදනය කරන තැන, ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන, මූල්‍ය කළමනාකරණය කරන තැන තමයි පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ මැතිවරණයේදී සෑම ඡන්දදායකගේම ඡන්දය පාවිච්චි කිරීම අතිශය තීරණාත්මකයි.

කලකිරීම් නිසා ගෙදර රැදෙන්න එපා. ඔබ ඡන්දය භාවිතා නොකළොත්, ඔබ අකමැතිම දේශපාලන පක්ෂය ජයග්‍රහණය කරන්න පුළුවන්, ඔබ අකමැතිම අපේක්ෂකයා පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. ඒ නිසා ඔබ මොන දේශපාලන මතය දැරුවත් ඔබේ වටිනා ඡන්දය පාර්ලිමේන්තු මැතිවරණයේදී පාවිච්චි කරන හැටියට අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.