News

කොළඹ ප්‍රතිඵල රාජකීයෙන් සමුගෙන BMICH යයි

කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය ලෙස මෙවර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව යොදා ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසයි.

මේ අනුව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද බල ප්‍රදේශ 15ක ප්‍රතිඵල සහ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාසයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරනු ලබන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.

මීට පෙර මැතිවරණවලදී කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාසයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම සඳහා යොදා ගනු ලැබුවේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා රාජකීය විද්‍යාලයයි.

ප්‍රමාණවත් පරිදි ඉඩ පහසුකම් තිබෙන බැවින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා යොදාගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

සාලිය කුමාර ගුණසේකර