දිස්ත‍්‍රික්ක කිහිපයක විදුලිය බිඳවැටේ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක කිහිපයක විදුලිබල සැපයුම අඩාල වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල බලශක්ති අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.
මෙලෙස විදුලිය විසන්ධිවී ඇත්තේ රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ප්‍රදේශවලයි.
මේ අතර පුත්තලම ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස 50 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.
