News

ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් අවහිරයි

ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම තානායම හන්දියෙහි මාර්ගයට විශාල කැන්ද ගසක් කඩාවැටීමෙන් මාර්ගයේ කොටසක මාර්ග අවහිරතා සිදුවී තිබුණි.

ඊයේ(05) ඇති වූ සුලං තත්ත්වය හා අධික වර්ෂාව හේතුවෙන් ගස කඩා වැටී තිබූ අතර වැලිගම පොලිසිය,සිවිල් ආරක්ෂක නිලධාරීන්, ප්‍රදේශවාසින් එක්ව මාර්ගය හරහා කඩාවැටී තිබූ ගස ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.