News

තද සුළං හා රළු මුහුද පිළිබඳ කාලගුණයෙන් දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින බවයි.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අතර බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්නයේ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0-2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.