මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 178දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.
ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ මොවුන් පිරිස මත්තල ගුවන්තොටුපළ වෙත අද පස්වරු 12.30ට පැමිණි බවයි.
ඉන් අනතුරුව අදාළ මගීන් පිරිස මත්තල ගුවන්තොටුපළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා යොමු කර තිබේ.
