තවත් කොරෝනා රෝගීන් 16කට සුවයි
කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2638 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පස් දෙනෙකු ද වැලිකන්ද සහ මිනුවන්ගොඩ මූලික රෝහල්වලින් දස දෙනෙකු සහ ඉරණවිල රෝහලෙන් එක් අයෙකු ද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
තවත් රෝගීන් 231දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
