පලමු වරට රාජ්‍ය අමාත්‍යධූර හිමිවූවන්
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද (12) මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්විය.
නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේදි මුල් වරට රාජ්‍ය අමාත්‍යධුර හිමිවූ මන්ත්‍රීවරු සත්දෙනෙක් සිටී.
මොවුන් සත්දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන අමාත්‍යවරුන් වෙයි.
පසුගිය 5වන දින පැවති මැතිවරණය ජයග්‍රහණය කරමින්,නාලක ගොඩහේවා මහතා,රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා,ජීවන් තොණ්ඩමාන් මහතා සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිස රාජ්‍ය අමාත්‍යධුර හිමිකරගත් අය වෙති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින්,හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ මහාචාර්ය චන්න ජයසුමන මහතා රාජ්‍ය අමාත්‍යධුර හිමිකරගත් අය වෙති.
