News

නාලක ගොඩහේවා සිය අමාත්‍යංශයේ වැඩ බාරගනී

නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද (13) බත්තරමුල්ල සුහුරුපාය 18 වන මහලේ පිහිටි රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී වැඩ භාර ගන්නා ලදී.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා, අමත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතනවල ප්‍රධානීහූ ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.