ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමේ ක්‍රියාන්විතය ආරම්භ කරනවා
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද පෙරවරුවේ සිය ධූරයේ වැඩ බාරගත්තේය.
ඒ බත්තරමුල්ලේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශ පරිශ්‍රයේදීය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර සදහන් කළේ පරිසරය සහ ජලය අතර එක ළග සම්බන්ධතාවයක් පවතින නමුත් ජල සම්පාදන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යංශය වෙන් වෙන්ව පවතින බවයි.
නමුත් ජල නාශක වගාවන් ක්‍රමයෙන් ඉවත් කිරීම වෙනුවෙන් එම අමාත්‍යංශය දෙක අතරේ අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුව ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.
විශේෂයෙන් ජල නාශක ශාක විනාශ කරනවා සේම ජල පෝෂක වගාව ව්‍යාප්ත කිරීමට ප්‍රබල මැදිහත්වීමක් කිරීමට සිදුවනු ඇති.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,
මීට අමතරව අපගේ විෂය පථයට අදාළ නිවැරදි තොරතුරු පද්ධතියක් අප කඩිනමින් එකතු කරගත කරගත යුතුව තිබෙනවා. විශේෂයෙන් භූගත ජලය පිළිබඳව ව්‍යාපෘති සහ සම්පත් පිළිබඳව.මේ සියල්ල පදනම් කොටගෙන අප බලාපොරොත්තු වෙනවා මුළු ලංකාවම ආවරණය වන පරිදි ජල දරිද්‍රතාවයෙන් වැඩි ප්‍රදේශ වලත් ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමේ ක්‍රියාන්විතය ආරම්භ කරන්න. අවුරුදු තුනක් හතරක් යන විට මේ රටේ ජල දරිද්‍රතාවයන් දුරු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සම්පූර්ණ පියවර ගන්නා බවත් අමාතත්‍ය වාසුදේව මහතා පවසා සිටියේය.

