News

මහින්දානන්ද සිය ධූරයේ වැඩ අරඹයි

නව රජයේ කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (14 ) ඇරඹීය.

මහාසංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා සුභ මොහතින් නිල ලිපියකට සිය අත්සන යොදමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

අමාත්‍යවරයාගේ දියණිය , පුතණුවන් ඇතුළු පවුලේ ඥාතීන් ද රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, අනුරාධ ජයරත්න ,ඩී.බී. හේරත් යන මහත්වරු ද අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.