බන්ධනාගාර රැඳවියන් බැලිමට අද සිට අවසර
බන්ධනාගාරගත රැඳවියන් හමුවීම සඳහා අද (15) සිට අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 11වැනිදා සිට තාවකාලිකව සියලු බන්ධානාගරවල රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම අත්හිටුවනු ලැබුවේය.
වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රැඳවියෙකු හමුවීමත් සමග අමුත්තන්ට රැදවියන් බැලීම සඳහා අවස්ථාව ලබා දීම නතර කෙරුණි.
කෙසේ වෙතත් එම අවස්ථාව ලබා දෙනු ලබන්නේ සීමාවන්ට යටත්ව බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
