News

අවි ආයුධ සමග තරුණයෙක් දැලේ

රත්නපුර, කරංගොඩ ප්‍රදේශයේ දී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබී බෝර 12 ගිනි අවියක්, එම වර්ගයේ සජීවි උණ්ඩ 04ක් සහ ජීව අත්බෝම්බ 02ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කරංගොඩ ප්‍රදේශයේම පදිංචි තරුණයෙක් වන අතර සැකකරු අද (15) රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රත්නපුර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.